ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ගත් තීරණය
පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව ගෙවිය යුතු මුදල් වලින් කොටසක් ගෙවීමට නියමිත බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පැවසුවේ පළමුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවන්ට මෙම ගෙවීම් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව මෙම මාසයේදී අදාළ සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවන්ට රුපියල් බිලියන 10ක මුදලක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පැවසීය.
අදාළ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව ප්‍රමාද බිල්පත්වල රුපියල් බිලියන 195ක පමණ මුදලක් රජයෙන් අයවීමට ඇති බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි වැඩිදුරටත් පැවසීය.
Aruna