දීපවාලි වෙනුවෙන් සතොසේ සීමා ඉවතට
සතොස වෙළඳසැල්වල දුඹුරු සීනි හැර අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමේදී පනවා තිබූ සීමා මේ වනවිට ඉවත් කර තිබේ.
ලංකා සතොස ආයතනය සඳහන් කළේ දුඹුරු සීනි සඳහා පනවා ඇති සීමාවද ඉදිරි සතියේදී ඉවත් කරන බවයි.
අනිද්දා පැවැත්වෙන දීපවාලි දිනයට සමගාමීව පසුගියදා භාණ්ඩ කිහිපයක මිල පහළ දැමුණු අතර, ද්‍රවිඩ ජනතාව වැඩි වශයෙන් සිටින ප්‍රදේශවලට අවශ්‍ය තරම් භාණ්ඩ යොමුකර තිබේ.
Aruna