මෙම වසර තුළදී ණය පහසුකමක් ලබාගැනීමට අවශ්‍ය නම් ද්වී පාර්ශවික ණය හිමියන්ගේ මූල්‍ය එකඟතාව කඩිනමින් ලබාගතයුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ අදාළ එකඟතාව ලබන මස මුල වන විට ලබාගන්නා ලෙසයි.
මෙම කරුණු අද අනාවරණ වුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති විශේෂ රැස්වීමේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මේ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.
මේ අතර 22 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාල පාර්ලිමේන්තු විවාදය දැන් පැවැත්වෙනවා. ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සජීව විකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.
Neth