රැකියා සහ අධ්‍යාපනය හැදෑරීමට විදේශගතවන පිරිස් වත්කම් පෙන්වීමට රත්තරං තක්සේරු වාර්තා ලබාගැනීම ඉකුත් සමයට සාපේක්ෂව මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ විදේශගතවන පිරිස වැඩිවීමත් සමඟ මෙම තත්ත්වය වැඩිවී ඇති බවයි.
රත්තරන් මිල ඉහළ යාම හමුවේ වත්කම් පෙන්වීමට ඇති මාර්ගයක් ලෙස මධ්‍යම පාන්තිකයින් බහුතරයක් මේ වන විට මෙම ක්‍රමය භාවිත කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර නෙත් නිවුස් වෙත පැවසුවා.
මෙවැනි තක්සේරු වාර්තාවක් ලබාගැනීමට නම් කළ යුතු නිවැරදි ක්‍රමවේදය කුමක්ද ?
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශය යනු ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමට මෙරට ඇති එකම සුදුසුකම් ලත් ආයතනයයි. ඒ අනුව 0112 390 562 අංකය ඔස්සේ වැඩිවිස්තර ලබාගත හැකියි.
Neth