Saturday, April 27, 2024
Follow Us
දුම්රිය ධාවනයට අද සිට විශ්‍රාමිකයින්

වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සඳහා විශ‍්‍රාමික නිලධාරීන් 20 දෙනෙකුගේ සේවය ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව විශ‍්‍රාමික දුම්රිය රියදුරන් 14 දෙනෙකු දුම්රිය ධාවනයට අද (30) සිට එක්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට අමතරව විශ‍්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරුන් තිදෙනෙකු ද අද සිට සේවයට වාර්තා කර තිබෙනවා. විශ‍්‍රාමික දිස්ති‍්‍රක් ප‍්‍රවාහන පරික්ෂකවරුන් ද දුම්රිය ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

වර්ජනය පැවැතියද අද උදෑසන කාර්යාල දුම්රිය 11 ක් පමණ ධාවනය වුණා. දුම්රිය වෘත්තීය සමිති අද දිනයේද වැටුප් විෂමතා ගැටළුව මුල්කර ගනිමින් පස්වන දිනටත් තවදුරටත් වර්ජනයේ නිරත වනවා.

(Neth)