මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් තවත් වසර 10 ක කාලයක් සඳහා වන්දි ලබාගැනීමට අවශ්‍ය බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ ගින්නෙන් විනාශ වී මුහුදුබත් වූ නෞකාවේ බලපෑම හේතුවෙන් තවමත් මුහුදු ජීවීන් මියයමින් ඇති බවයි.
නෞකාව ගිනි ගැනීමෙන් පසු වෙරළේ සහ මුහුදේ තැනින් තැන විසිරී තිබූ අබලි ද්‍රව්‍ය මෙට්ට්‍රික් ටොන් 1700 කට වැඩි ප්‍රමාණයක් එක්රැස් කර දැනට මීගමුව වෙරළ තීරයට ආසන්න අංගනයක ගබඩා කර තිබෙනවා.
එම අබලි ද්‍රව්‍ය තොගය බැහැර කිරීම සම්බන්ධයෙන් ද මේවනවිට ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර වැඩිදුරටත් සදහන් කළා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් අපිරිසිදු වූ වෙරළ තීරය පිරිසිදු කිරීම, ධීවර ජනතාවට වන්දි ගෙවීම් සහ රජයට සිදුවූ වැයවීම් වෙනුවෙන් දැනට අමෙරිකානු ඩොලර් මිලියන 09 කට වඩා වැඩි මුදලක් අදාළ සමාගමෙන් මෙරටට ලැබී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
Neth