Saturday, November 16, 2024
Follow Us
කඩිනමින් සහන සලසන්න – දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසයි ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

LNW