මෙරටට ගෙන්වූ ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මේ මස 31 වනදායින් කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත සඳහන් කළේ මිලියන ගණනක එන්නත් තොගයක් භාවිතයට නොගෙන මේවනවිට රට තුළ ඇති බවයි.
එම එන්නත්වල කාල සීමාව දීර්ඝ කළ හැකි බවට නිළ මට්ටමේ දැනුම්දීමක් නොලැබුණහොත් අදාළ එන්නත් අපතේ යාමට වැඩි ඉඩක් ඇති බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළා.
රට තුළ ඇති ෆයිසර් එන්නත් කොටසක කල් ඉකුත්වීමේ දිනය මීට පෙරද දීර්ඝ කළා. ඒ අනුව යළිත් එලෙස කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කළ හැකිදැයි නෙත් නිවුස් මෙහිදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසීමක් කළා.
ඩොලර් වියදම් කර රටට ගෙනආ එන්නත් අපතේ යාමට ඉඩ නොහැර වෙනත් රටකට අලෙවි කිරීමේ හෝ හැකියාවක් නොමැතිදැයි මෙහිදී නෙත් නිවුස් නියෝජ්්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්ණ කළා.
Neth