ශල්‍යාගාරවල තදබදය මගහරවා ගැනීමට විසඳුමක්
රජයේ රෝහල්හි ශල්‍යාගාරවල දැනට පවතින තදබදය මගහරවා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර කඩිනමින් කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.
ඊට අදාළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට වහාම භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
පෞද්ගලික රෝහල් කිහිපයක අධ්යක්ෂවරුන් ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.
පෞද්ගලික රෝහල්හි ශල්‍යාගාරවල ශල්‍යකර්ම නොකෙරෙන අවස්ථාවන්හිදී රජයේ රෝහල්වලට යම් සාධාරණ කුලියකට ලබාදිය හැකි බව පෞද්ගලික රෝහල් අධ්යක්ෂවරුන් මෙහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව පෞද්ගලික රෝහල්හි ශල්‍යාගාර ලබා ගන්නා ආකාරයත්, රජයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ඊට යොමු කරනා ආකාරය ගැනත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙත දැනුම් දී ඇත.
Aruna