Saturday, November 16, 2024
Follow Us
 විදුලි කප්පාදුවට ලගදීම විසදුමක්

මෙරටට ගල් අඟුරු නැවක් එන දිනය


ගල් අඟුරු රැගත් පළමු නෞකාව දකුණු අප්‍රිකාවෙන් පිටත්ව ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, නෞකාව ලබන 24 හෝ 25 යන දිනයක මෙරටට ළඟාවීමට නියමිත බවය.

අදාළ නෞකාවේ ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 60,000ක් රැගෙන එන බව වාර්තා වේ.

ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ, එවැනි තවත් ගල් අඟුරු නෞකා තුනක් ලබන 25 වැනිදායින් පසු, දින 10 ක් තුළ මෙරටට ළඟාවන බවය.

අදාළ නෞකාවලත් , මෙට්ට්‍රික් ටොන් 60,000 බැගින් ගල් අඟුරු තොග පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව, මෙරටට අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රමාණවත් පරිදි නියමිත කාල සීමාවන්ට මෙරටට ලැබෙමින් ඇතැයි, ගල් අඟුරු සමාගම සඳහන් කළේය.

මේ අතර, හදිසි මිලදී ගැනීම් සඳහාවන ටෙන්ඩර් කැඳවීම ලබන 20 වැනිදා සිදු කිරීමට නියමිතය.

ලංකා ගල් අඟුරු සමාගම පැවසුවේ, ඒ සඳහා දැනටමත් සමාගම් කිහිපයක් සිය තොරතුරු ඉදිරිපත් කරමින් ඇති බවය.

Aruna