ජනපතිගෙන් ප්‍රකාශයක්
එළඹෙන නොවැම්බර් (06) වැනි දා සිට (18) වනදා, දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට තෙවන චාල්ස් රජු සහභාගී විමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ YouTube නාලිකාවක් සමග පැවති සම්මූඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02වන දා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.
පසුගිය වසරේ COP 26 සමුළුවේ සභාපති සහ බ්‍රිතාන්‍ය අගමැති ලිස් ට්‍රස්ට්ගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික ආලෝක් ශර්මා සඳහන් කර සිටියේ, තෙවන චාල්ස් රජු මෙවර COP සමුළුට සහභාගී විය යුතු බවයි.
ඔහු මේ බව කියා සිටියේ එම සමුළුවට සහභාගී නොවන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිණි ලිස් ට්‍රස්ට්, චාල්ස් රජුට නියෝග කළ බවට පළවු වාර්තාවකට ප්‍රතිචාර දක්වමිනි.
බ්‍රිතාන්‍ය ප්රවෘත්ති වාර්තාවලට අනුව එවකට වේලස් කුමරු වාර්ෂික සමුළුට සහභාගීවන බව අඟවා තිබුණි.
තෙවැනි චාල්ස් රජු දේශගුණික විර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා දීර්ඝකාලිනව පෙනී සිටි අයෙක් වන අතර පසුගිය වසරේ COP 26 සමුළුවේ සමාරම්භක දේශනය ද ඔහු විසින් සිදු කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකවරයෙකු ලෙස හිටපු නෝර්විජියානු පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් පත් කර තිබෙන අතර ලබන මාසයේ ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත Cop 27 සමුළුට ජනාධිපතිවරයා සහභාගීවීමට ද නියමිතයි.
Aruna