පාසැල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ ලබන මස සිට එලෙස සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බවයි.
එලෙස ලබාදෙනු ලබන්නේ අවුරුදු 10 සිට 18 දක්වා වයස් සීමාවේ පසුවන සිසුවියන් සදහායි. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයා සමග සාකච්ඡා කර ඇති බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.
සනීපාරක්ෂක තුවා මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඔසප් කාලසීමාව තුළදී සිසුවියන් බහුතරයක් පාසල් වෙත නොපැමිණෙන බවට මීට පෙර අනාවරණ වුණා.
එයද සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සදහා ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කිරීමටත් ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සදහා බදු සහන සැලසීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව සනීපාරක්ෂක තුවා සදහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පැනවූ බදු සියල්ල ඉවත් කෙරුණා.
මෙම බදු සහන ලබාදීමත් සමග දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා දහයක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ත් 60ත් අතර මිලකින් අඩුවීමට නියමිත අතර ඒ අනුව රුපියල් 260ත් 270ත් පමණ මුදලකට තවත් මසකින් එය ලබාගත හැකි වනවා. එසේම ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල සියයට 18කින් හෝ 19කින් අඩුවීමට ද නියමිතයි.
Neth