Saturday, November 16, 2024
Follow Us
A/L උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීමට අයදුම්පත් කැඳවෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.

අයදුම්පත් කැඳවීම ලබන 21 වනදා දක්වා සිදු කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම්පත සම්පූර්ණ කිරීම හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ගගත ක්‍රමයට උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කළ හැකිය.

ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 011 2 785 231 හෝ 011 2 785 216 යන දුරකථන අංකවලින් පාසල් විභාග ඇගයීම් ශාඛාව ඇමතිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Aruna