Saturday, November 16, 2024
Follow Us
බලශක්ති ඇමතිගෙන් සුබ ආරංචියක්

බලශක්ති ඇමති එකඟතත්වයකට


මෙරට කර්මාන්තකරුවන් සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි උපරිම පහසුකම් සලසා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එකඟතාවය පළකර තිබේ.

(10) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය.

විදුලි මිල සංශෝධනය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ මුහුණ පා ඇති මූල්‍යමය අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

දෛනික විදුලි කප්පාදුව, විදුලි මිල සංශෝධනය සහ ඉන්ධන සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් එම සාකච්ඡාවට එක්වූ කර්මාන්තකරුවන් බලශක්ති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේය.

Aruna