දේශීයව නිශ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සදහා අමුද්‍රව්‍ය ආනයනය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 7වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි එහි සදහන් වන්නේ.
ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිශ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය මෙලෙස ආනයන බදු වලින් නිදහස් කර තිබෙනවා. එම අමුද්‍රව්‍ය කර්මාන්ත විෂයභාර අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය යටතේ බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට හැකියාව පවතිනවා.
කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මුදලකට ලබා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඉකුත් දා සදහන් කළේ.
මෙම බදු සහන ලබාදීමත් සමග දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා දහයක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක 60ක මිලකින් අඩුවීමට නියමිත අතර ඒ අනුව රුපියල් 260ක් 270ක් පමණ මුදලකට එය ලබාගත හැකිවනවා. එසේම ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල සියයට 18කින් හෝ 19කින් අඩුවීමට ද නියමිතයි.
Neth