Saturday, April 27, 2024
Follow Us
අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනාගේ මරණ පිළිබඳ වගකීම රජය භාර ගනියි

හබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ අභිරහස් ලෙස මේ ගොස් සිටී ඇතින්නියන් ගේ මරණයන් පිළිබඳව වගකීම රජය භාර ගන්නා බව වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

මාධ්ය මගින් දැනුවත් වනතුරුත් වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකු අමාත්‍යවරයා හෝ රාජ්‍ය ඇමැතිවරයාවටත් දැනුම්දීමක් සිදුකොට නැති බවද අමාත්‍යවරයා පැවසීය.

හබරන හිරිවඩුන්න රක්ෂිතයේ ඇතින්නියන් හත් දෙනෙකු මියගොස් ඇති ප්‍රදේශයේ අමාත්‍යවරයා ඊයේ (28) සවස සංචාරයක නිරත වු අතර එහිදි මේ බව ප්‍රකාශ කළේය.

එම ස්ථානයේ සිටි වනජීවී නිලධාරීන්ටද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙවැනි බරපතල ව්‍යසනයක් සිදුව ඇතත් මේ වන තුරුත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ කිසිදු නිලධාරියෙකු රජය දැනුවත් නොකිරීම බරපතළ වරදක් බවයි.

(Lanka Leads)