Sunday, November 17, 2024
Follow Us
නබි නායකතුමන්ගේ දර්ශනය අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීමට මනා පිටුවහලක් - ජනපති

ඉස්ලාම් බැතිමතුන්ගේ ගෞරවයට පත් මුහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ නබිතුමන්ගේ දර්ශනය අන් කවරදාටත් වඩා අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීමට මනා පිටුවහලක් වන බවයි.

අල් අමින් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් හඳුන්වන මුහම්මද් නබි නායකතුමන්ගේ උපන් දිනය ඉස්ලාමීය ඇතුළු සෙසු ජාතීන්ගේ ද අධ්‍යාත්මික සහ සමාජයීය ප්‍රගමණයට ශාන්තියට හේතුවේවා යන්න සිය පැතුම බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

Neth