Saturday, April 27, 2024
Follow Us
දේශපාලනයෙන් විශ්‍රාමයන්න වුවමනාවක් මට නැහැ

තමන්ට දේශපාලනයෙන් විශ්‍රාම යෑමේ වුවමනාවක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (28) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

“මගේ සෞඛ්‍ය තත්වය බොහොම හොඳයි. ඒ නිසා තව හුඟක් රටට වැඩකරන්න පුලුවන්..“ යැයිද ජනාධිපතිවරයා පැවසීය.

‘පිබිදෙමු පොලොන්නරුව‘ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොලොන්නරුව රෝහල හන්දිය ඉසිපතන පෙදෙසේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රජාශාලාව විවෘත කිර’මෙන් අනතුරුව එහි පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “දැන් සමහර අය හිතන්න පුලුවන් හෙට අනිද්දා ජනාධිපති ඡන්දයක් තියෙනවා. එතැන මම ඉල්ලනවයි කියලා දැනුම් දීලා නෑ. ඒකනිසා මේ මනුස්සයා මෙතනින් ඉවරයි කියලා හිතනවා ඇති. ලබන දෙසැම්බර් මාසෙන් පස්සෙ මම තවත් පියවරක් තියනවා. රටේ සංවර්ධනයට වගේම පොලොන්නරුව සංවර්ධනයට අලුත් වාර්තාවක් පිහිටුවන්න..“ යැයි පැවසීය.

(Lanka Leads)