සංචාරක හෝටල් සඳහා මෘදු මත්පැන් අවසර පත් ලැබේ
ශ්‍රී ලංකා ආර්ථීකයට සැලකිය යුතු දායකත්වයක් ලබාගත හැකි නව ක්ෂේත්රයන් හී ඉන්දීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
ෂයින් ශ්‍රි ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඉන්දියානු විධායක නිලධාරීන්ගේ සංගමය හමු වූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සඳහා මෘදු මත්පැන් අවසර පත් ප්‍රධානය සිදු කිරීම සංචාරක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කළේය.
කොළඹ පැවති එම වැඩසටහනට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, සංචාරක කර්මාන්තයට උත්තේජනය ලබාදීමට අවශ්‍ය වුවද සුරාබදු ප්‍රතිපත්තිය භාවිත කරමින් විවිධ ක්ෂේත්‍ර උත්තේජනය නොකරන බවය.
Aruna