Thursday, April 25, 2024
Follow Us
සංචාරක හෝටල් වලට මෘදු මත්පැන් අවසර පතක්

ඩොලර් හොයන්න කරන්න ඕන දෙයක්


මෙරට ඩොලර් ආදායම ඉහළ නංවාගැනීමට නම් සංචාරක කර්මාන්තය සඳහා ඇති බාධා ඉවත් කළයුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසයි.

නැතහොත් එය වචනවලට පමණක් සීමාවෙන බව ඔහු පෙන්වා දෙයි.

මත්පැන් සම්බන්ධයෙන් ඇති බලපත්‍ර ක්‍රමයෙහි ඉතා දැඩි කොන්දේසි පවතින බැවින් එය සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සඳහා මෘදු මත්පැන් අවසර පත්‍ර ප්‍රදානය කිරීම අද (07) සිදුකෙරුණි.

“අපට දැනට තිබෙන බලපත්‍ර ක්‍රමය ඉතාම දැඩි කොන්දේසි සහිත බලපත්‍ර ක්‍රමයක්. සමහර අයට ඒ කොන්දේසිවලට අනුව මේ බලපත්‍ර ලබාගැනීම ඉතාම අපහසු තත්ත්වයකට පත්වී තිබුණා. කොච්චර කතා කලත් සංචාරක කර්මාන්තයෙන් ඩොලර් හොයන්න ඕනේ කියලා.. එකට අවශ්‍ය පහසුකම් බලා දුන්නේ නැතිනම් ඒක කතාවට විතරක් සීමා වෙනවා.”

Aruna