Thursday, March 28, 2024
Follow Us
නීත්‍යානුකූල උද්ඝෝෂණ වලට අපෙන් කිසිම ප්‍රශ්නයක් නෑ – ඇමති ටිරාන්

විරෝධතා උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීමේදී ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව එසේ අවසර ලබාගෙන නීත්‍යානුකූලව පවත්වන උද්ඝෝෂණ, පෙළපාලි හෝ විරෝධතාවලට පොලිසියෙන් කිසිදු බාධාවක් එල්ල නොකෙරෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එසේම පාතාල මර්දනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සම්බන්ධයෙන් ද එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ අපරාධ වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අවශ්‍ය නම් පසුගිය මාස තුනක කාලය තුළ රටේ සිදුවූ අපරාධ සහ ඒවා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවත් ප්‍රකාශ කළේය.

LNW