Wednesday, April 24, 2024
Follow Us
ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉකුත් 04 වනදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. අද පෙරවරු 10 යි 30 සිට පස්වරු 05 දක්වා ඒ සඳහා කාලය වෙන් වනවා. හෙට පෙරවරු 09 යි 30 සිට පස්වරු 05 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට ඉකුත් 04 වනදා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.

Neth