2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවත් කල් ගතවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා.
ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් මාසයකට අධික කාලයක් ගතවනු ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකරනුයේ විභාග දෙපාර්තමේන්තුවේ අනෙකුත් විභාග රාජකාරී මධ්‍යයේයි. මේ හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම එලෙස කල් ගතවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි 23 වනදා සිට ජුනි මස 01 වනදා දක්වා පැවැත්වුණා. ඊට මධ්‍යස්ථාන 3,844 කදී පෙනී සිටි අයදුම්කරුවන් ගණන පන් ලක්ෂ 17,496 ක්.
මේ අතර ලෝක ගුරු දිනය අදට යෙදී තිබෙනවා.
Neth