මහ කන්නයේ වගා කරන ගොවීන් සඳහා මෙට්ට්‍රික් ටොන් 12,000 ක පොහොර තොගයක් තවත් සති කිහිපයකින් මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ඒ අනුව මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි වේලාවට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බවයි.
වී වගාවට අමතරව අනෙකුත් බෝග වගා සඳහා ද පොහොර ගොවීන්ට ලබාදෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් ඉකුත් දිනවල ගොවීන් චෝදනා කළේ මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශයට නිසි වැඩපිළිවෙළක් නොමැති බවයි.
Neth