Monday, February 16, 2026
Follow Us
විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

විදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය


අද(27) දිනට පමණක් විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

කෙසේ වෙතත් හෙට(28) දිනයේ සිට නැවත විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20 ක් දක්වා ගෙන ඒමට කටයුතු යොදන බව ඔහු පවසයි.

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Aruna