රටේ සංවර්ධනයට නව සැලැස්මක්
රටේ සංවර්ධනයට දායක වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් සකස්කෙරෙන ජාතික භෞතික සැලැස්ම නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
එබැවින් රටේ සෑම ප්රදේශයක්ම ආවරණය වන ලෙස සංවර්ධනය සිදුකිරීමටත් සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ හඳුනාගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහාත් මෙම ජාතික භෞතික සැලැස්ම ඉතා වැදගත් වන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ඒ අනුව රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන නාගරික සංවර්ධන, මහාමාර්ග, අධිවේගී මාර්ග,දුම්රිය මාර්ග,ප්‍රවාහන කේෂ්ත්‍රය ආදී සියලුම සංවර්ධන ක්‍රියාදාමයන් ජාතික භෞතික සැලැස්මේ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ අනුව සිදුකිරීම තුලින් වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික හා සමාජීය අර්බුද බොහෝ දුරට අඩුකරගත හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
Aruna