Saturday, May 10, 2025
Follow Us
ඇල්පිටිය තැපැල් ඡන්දය අද

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය විමසීම අද පැවැත්වෙනවා. ඒ සදහා අවශ්‍ය සියළු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ සදහන් කළේ.

ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයන් වෙනුවෙන් ලබන මස 4 වනදා අතිරේක අවස්ථාවක්ද ලබාදී තිබෙනවා.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ අද පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම සදහාද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මකයි. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(Neth)