Friday, May 08, 2026
Follow Us
ජනවාරියේ සිට සියළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වෙයි

සියළු රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවමය රුපියල් 3,000 කින්ද උපරිමය රුපියල් 24,000 කින්ද රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප වැඩිවනු ඇති.

මෙම වැටුප් වැඩිවීම හේතුවෙන් දුම්රිය සහ තැපැල් ඇතුළු රාජ්‍ය අංශයේ විවිධ ක්‍ෂේත‍්‍රවල තිබූ වැටුප් විෂමතාවද ඉවත් වන බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.

(neth)