වත්මන් ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේ සිටම කළයුතු නිවැරදි දේ පිළිබඳව තමා යෝජනා ඉදිරිපත් කළ බවත්, ඒ පිළිබඳව රටේ බහුතරයක් විස්වාස කළ බැවින් ඔවුන්ගේ සහයෝගයෙන් රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තමා කෙරෙහි විස්වාසය තැබූ බහුතර ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවයි ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙන්නේ.
රාජ්‍ය ආයතන බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් හෝ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබීමෙන් හෝ වත්මන් අර්බුදයට විසඳුම් නොලැබෙන බව සියලු දෙනා තේරුම් ගතයුතු බවද වික්‍රමසිංහ මහතා පවසනවා.
එසේ නම් අරගලකරුවන්, සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනීමෙන් අර්බුදය විසඳිය හැකිදැයි ABC මාධ්‍යවේදිනිය ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙන්නේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩාකප්පල්කාරීන්, නීතිය කඩකළ පුද්ගලයන් මිස සාමකාමී අරගලකරුවන් හෝ සාමකාමී ජනතාව නොවන බවයි.
ඔවුන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවත්, ඒ සියල්ල සිදුවන්නේ පොලීසිය හරහා මිස ආණ්ඩුවේ උවමනා එපාකම් අනුව නොවන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.
රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ ඇතුළු පිරිස සම්බන්ධයෙන් විමසූ මාධ්‍යවේදිනියට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ඔබ සුළුතර කණ්ඩායමක් වෙනුවෙන් ප්‍රශ්න කළද තමා පිළිතුරු ලබාදෙන්නේ බහුතර ජනතාව වෙනුවෙන් බවයි. බහුතර ජනතාවගේ යහපත වෙනුවෙන් තමා සහ ආණ්ඩුව සියලු තීන්දු තීරණ ගන්නා බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
LNW