Sunday, November 17, 2024
Follow Us
අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ගැසට් නිවේදනයට තහනම් නියෝගයක්

අලි ඇතුන් අලුතින් ලියාපදිංචි කිරීම වළක්වාලීම සඳහා වනජීවී අමාත්‍යවරයා විසින් මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අදාලව නිකුත් කර ඇති තහනම් නියෝගය නොවැම්බර් මස 4 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ, අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ රීට් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීයි.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව නොවැම්බර් මස 4 වන දා නඩු විභාගය පැවැත්වීමට නියම කළ අධිකරණය එදිනට කරුණු දක්වන්නැයි වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

Neth