Sunday, October 25, 2026
Follow Us
නොගෙවපු වතුර බිල් ගෙවන්න මාස දෙකක්

බිල් නොගෙවපු මැති ඇමතිවරුන්ට රතු එළියක්


මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැතිඇමැතිවරුන්ට තවත් මාස දෙකක් කාලයක් ලබාදීමට ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පැවසුවේ එම කාලසීමාව තුළදී හිග ජල බිල්පත් නොගෙවන්නේ නම් අදාළ මැතිඇමැතිවරුන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීමට සිදුවන බවයි.

මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල් නොගෙවූ ජල සැපයුම් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේ අගෝස්තු මාසය තුළ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම් 21,527ක් එලෙස විසන්ධි කර තිබේ.

Aruna