Saturday, May 10, 2025
Follow Us
ඇල්පිටිය පුංචි ඡන්දයට එරෙහි පෙත්සම විසිවෙයි !

ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ මැතිවරණයට පැවැත්වීමට ගත් තීරණය අ‍භියේගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

පසුගිය වසරේ පෙබරවාරි 10 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාල මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් පෙත්සමක් හේතුවෙන් එම මැතිවරණය කල් දැමිණි. අදාල පෙත්සම පිළිබඳ විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ වහාම මැතිවරණය පවත්වන ලෙසයි.

ඒ අනුව ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළේය. ඊට එරෙහිව ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි ඡන්දදායකයන් පිරිසක් විසින් නැවත පෙත්සමක් ගොනු කරමින් කියා සිටියේ නැවත නාමයෝජනා කැඳවීමකින් පසුව මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ.

(Agamya)