මේ වනවිට ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචිව විදෙස්ගත වී සිටින හෝ දැනට මියගොස් සිටින හෝ ඡන්දදායකයන්ගේ තොරතුරු ලබා එකතු කිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එවැනි තීරණයකට එළඹ ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය්දී ඡන්ද අවභාවිත වීම වැලැක්වීම අරමුණු කර ගනිමිනි.
ඒ අනුව 2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත් ඡන්දදායකයන් අතුරින් මේ වනවිට මියගොස් සිටින හෝ විදෙස්ගතව සිටින ඡන්දදායකයන්ගේ තොරතුරු ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී. මෙම තොරතුරු ඔක්තෝබර් 05 වැනිදාට පෙර ලබාදෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.
ඒ අනුව පදිංචි ප්‍රදේශයට අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ එසේත් නොමැති නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත මෙම තොරතුරු ලබාදිය හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
(LNW)