ශ්‍රීලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රීලංකාව නියෝජනය කරමින් විදේශ රටවල තානාපතිවරුන් ලෙස සේවය කරන හා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරීන් එම රටවල තමන් වාසය නිවාස සඳහා අධි සුඛෝපභෝගී නිවාස භාවිතය එලෙසම සිදු කර ගෙන යාම බරපතල ගැටළුවක් බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කාලය අවසන් වන නිවාස සඳහා නව නිවාස ලබා ගැනීමේදී අඩු මිල ගණන් වල නිවෙස් වෙත යන ලෙසට විදේශ කටයුතු අමාත්‍යංශයචක්‍ර ලේඛ පවා නිකුත් කර ඇතත් තවමත් අදාළ නිලධාරීන් අධික මිලැති ඉහලම ගනයේ නිල නිවාස ලබා දෙන ලෙස බල කර සිටින බව සඳහන්ය.
ඇතැම් රටවල මෙවැනි නිවාසක් සඳහා එක් නිලධාරියකු වෙනුවෙන් ශ්‍රීලංකා මුදලින් රුපියල් පනහ ,ලක්ෂ හැට ,ලක්ෂ හැත්තාව ආදී මුදලක් මාසිකව වැය කරන්නට විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුව තිබේ. මීට අමතරව නිල වාහන හා වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන ගනනක් එක් එක් ඉහල තානාපති නිලධාරියකු වෙනුවෙන් වැයවේ.
ලොව ධනවත් රටවල තානාපති නිලධාරීන් පවා තම පදිංචිය සඳහා අඩු මිල ගණන් සහිත නිවාස හෝ ප්‍රධාන නගරයට ආසන්න ප්‍රදේශ වලින් අඩු මිලට නිවාස තෝරා ගනිද්දී තානාපතිවරුන්ගේ සහ ශ්‍රීලංකා විදේශ සේවයේ ඉහල නිලධාරීන්ගේ මෙම සුපිරි නිවාස භාවිතාව විශාල ගැටළුවක් වී තිබේ.
මීට අමතරව සංග්‍රහ වියදම් බව පවසමින් රුපියල් ලක්ෂ ගණන් මාසිකව හොර බිල්පත් ඉදිරිපත් කල වසර ගණනාවක් තිස්සේ ලබා ගන්නා ඇතැම් විදේශ සේවා නිලධාරීන් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබේ.
LNW