Monday, February 16, 2026
Follow Us
රැජිණගේ අභාවය නිසා සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි උපදෙස්

1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානි ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නේ නිවේදනය කර සිටිනවා.

Neth