Monday, November 18, 2024
Follow Us
විදුලි කප්පාදුව අවසන් වෙයි?

විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවෙලා


ගල්අඟුරු තිබෙනම් ලබන දෙසැම්බර් මාසය තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ මේ වන විට විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බවයි.

ඔහු මේ බව පැවසුවේ අද (08) මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක රත්නායක මෙලෙස පැවසීය….

“පසුගිය සතිය ඇතුළත අපි කව්වාට දෛනික විදුලි කප්පාදුව පැයක් කියලා ඒ පැයවත් කැපුවේ නැහැ. පසුගිය 03 වනදා ඉඳන් අද දක්වා විදුලි කප්පාදුවක් නැහැ. ඒකට හේතුව තමයි අපිට තිබෙන විදුලිය සඳහා ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ. ඒ නිසා විදුලි කප්පාදුවක් සිදුවෙන්න ඕනේ නැහැ. 05 වනදා සැපයුම වැඩිවෙලා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක තුන ඇතුළත මේ ගල්අඟුරු ප්‍රශ්නය ආවේ නැත්නම් දෛනික විදුලි කප්පාදුව පැයක් තියෙනවා කිව්වොත් ඒ පැය කරන්නෙත් නැහැ. ඒ තිබෙන අවශ්‍ය ජල ප්‍රමාණය, ඒ වගේම ගල්අඟුරු ප්‍රමාණය තියෙනවා නම් එලඹෙන දෙසැම්බර් මාසය වෙනතුරු විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවට ඇතිවෙන්නේ නැහැ.”

Aruna