Monday, November 18, 2024
Follow Us
ග්ලයිෆොසේට් ආනයන ගැසට් පත්‍රයට අනුමැතිය

ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට


ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට (6) ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැවිලි ක්ෂේත්‍රය සඳහා වල්නාශකයක් ලෙස යොදාගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරණ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා සලකා බැලූ අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමැතිය ලබාදෙන ලදී.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිවිය.

මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

මෙම රෙගුලාසි සදහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවුවද එම අනුමැතිය ලබා දෙන්නේ කොන්දේසි සහිතව බවද කාරක සභා සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

Aruna