Monday, November 18, 2024
Follow Us
සෞඛ්‍ය, ඛනිජතෙල් සහ විදුලිය නැවතත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කෙරේ

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සැප්තැම්බර් 03 වන දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවාව, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවා බවට පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලිබල අමාත්‍යාංශයේ අදාළ අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව කරන ලද ඉල්ලීම අනුව, 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය යටතේ,

ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙරද මෙම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට නියම කරමින් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2022-08-03 දිනැතිව නිවේදනයක් නිකුත් කරන ලදී.

නැවතත් විෂය භාර අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු හෙයින් 2022 සැප්තැම්බර් 03 දින සිට උක්ත සඳහන් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

Neth