Tuesday, May 05, 2026
Follow Us
වහාම ක්‍රියාත්මක වන පරිදි ගත් තීරණය

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම්


වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර තිබේ.

එසේම බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.

මේ අතර මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති HSN පීරිස් මහතා නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.

Aruna