අධිකරණය විසින් මරණ දඬුවම පනවා ඇති වැරදිකරුවන්ගේ එම දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපතිවරයා සිය තීරණය නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.
2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, මරණ දඬුවමට ලක්ව සිටින වැරදිකරුවන් සිව් දෙනෙකුගේ එම දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබිණි. එකී තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණි.
විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ජනාධිපතිවරයාගේ තීරණය විනිසුරු මඩුල්ල වෙත දැනුම් දී තිබෙනවා.
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඊයේ ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙන අතර එහිදී ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් නොතබන බවයි. තම තීරණය අධිකරණය වෙත දන්වා සිටින ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණයෙහි කිසිදු වෙනසක් නොමැති බවත්ය.
LNW