භාණ්ඩ 48කට පැන වූ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට අධිකරණයෙන් රුපියල් ලක්ෂ 05ක් දක්වා වූ උපරිම දඩ මුදලක් පැනවිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. අදාල භාණ්ඩ සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් 30 වනදායි.
ඒ අනුව, පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගත යුතු වනවා.
එම භාණ්ඩ අතරට සහල්, තිරිගු පිටි, බිත්තර, පරිප්පු, ටින්මාළු, කිරිපිටි, සුදුළුණු, කුකුල්මස්, මුං ඇට, අර්තාපල්, වියළි මිරිස් සහ සීනි ද ඇතුලත්. එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති, ගඩොල්, වැලි, වානේ මෙන්ම මෝටර් රථ අමතර කොටස්, පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ද ඒ අතරට අයත් වනවා. අදාළ භාණ්ඩ විකිණීමේදී එම භාණ්ඩයේ ප්‍රමාණය, පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය සහ වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තබා ගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල පැවසුවා.
පාරිභෝගිකයන් පිළිබඳ අවදානය යොමු කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කළ බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සදහන් කළා.
Neth