Thursday, December 26, 2024
Follow Us
පරිපාලන සේවයේ සියලුම නිලධාරීන් අද වැඩවරති

ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් අද (23) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එහි ලේකම් රෝහණ සිල්වා මහතා පැවැසීය.

ඒ අනුව සියලුම දෙපාර්තමේන්තු ,සංස්ථා ,මණ්ඩල සහ ආයතන වල සේවයේ නිරත උසස් නිලධාරීන් සේවයට රපොර්තු නෙකරන බව ද ඒ මහතා කීය.

වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම කිහිපයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබාදෙන බවට දුන් පොරොන්දුව අද සවස් වනතුරුත් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා කීය.

මෙම වැඩවර්ජනයට 2400 ක් පමණ එක්වන බවද ඒ මහතා පැවැසීය.

(Lanka Leads)