Monday, November 18, 2024
Follow Us
ධීවරයින්ට වන්දියක්

එක්ස්ප්‍රස් පර්ල් රක්ෂණ ආයතනයෙන් සල්ලි දෙයි


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් බලපෑමට ලක් වූ ධීවරයන්ට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 9110 ක් හිමිව ඇතැයි ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නෞකාවේ රක්ෂණ ආයතනය මගිනි එම මුදල් ලබා දී ඇත.

මෙම මුදල් ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල හඳුනාගත් ධීවර කාර්මිකයින් 15,032 දෙනෙකු අතර බෙදා දීමට කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක් වූ සෑම ධීවර කාර්මිකයෙකුටම ඔවුන්ගේ යාත්‍රා වර්ගය, පන්න ක්‍රමය හා අහිමි වූ ආදායම අනුවරු. 80,000 සිට රු. 240,000 දක්වා මුදලක් වන්දි වශයෙන් මේ දක්වා හිමිව ඇතැයි ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Aruna