Monday, November 18, 2024
Follow Us
අඩු ආදායම්ලාභී ගොවීන් පිරිසකට නොමිලේ පොහොර

යල කන්නයේ වී අස්වනු මෙට්ට්‍රික් ටොන් 5007 ක් ඉකුත් දින අටේ මිලදී ගත් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පැවසුවේ පසුගිය 18 දින සිට යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භ කළ බවයි.

මේ අතර අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු තුන් ලක්ෂ 75,000ක් ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළ කර තිබෙනවා.

මෙම යුරියා පොහොර තොගය අක්කරයකට වඩා අඩු කුඹුරු ප්‍රමාණයක් හිමි ගොවීන්ට නොමිලයේ ලබා දීමට නියමිතයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරින් සමග සිදු කරන ලද සාකච්ඡාවක් පරිදි මහ කන්නය සඳහා යුරියා පොහොර ලබා දීමට එකඟතාවය පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

එහි පළමු තොගය ලෙස මෙට්ට්‍රික් ටොන් දහසක් ඉදිරි සති දෙක තුළ දිවයිනට ලැබීමට නියමිතයි.

Neth