Sunday, October 06, 2024
Follow Us
රන්ජන්ට ලැබුණු අලුත් වගකීම

වගකීම භාරගත් බව ඇමති මනූෂ කියයි


ජනාධිපති සමාව යටතේ (26) නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නව වගකීම භාරගත් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා තිබේ.

ඒ අනුව විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා එලෙස පත්වී ඇත.

විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පවතින දැනුම සහ අදහස් ප්‍රයෝජනයට ගෙන ඔවුනට යම් සේවයක් කිරීම සඳහා මෙම තනතුර පිරිනැමූ බව විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ස්වේච්ඡා සේවයක් ලෙස කටයුතු කිරීම සඳහා මෙම තනතුර ප්‍රදානය කර තිබේ.

Aruna