ව්‍යාපාරික ආයතනවල ඉන්ධන ගබඩා ගැන තීරණයක්
ඉන්ධන ගබඩා කරගැනීම සඳහා ව්‍යාපාරික ආයතන 2100ක් පමණ ඉන්ධන ගබඩා ටැංකි ස්ථාපනය කරගෙන ඇති බව හෙළිවී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඉන් බොහෝ ආයතන ඒ සඳහා අවසර ලබාගෙන නොමැති බව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉදිරියේදී නිසි අවසරය නොමැති ආයතන සඳහා මෙන්ම ලබාදී ඇති උපදේශයන් අනුගමනය නොකරන ආයතන සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් නොකරන බව ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම අපනයන ව්‍යාපාර සිය ඉන්ධන සඳහා ගෙවීම් ඇමෙරිකානු ඩොලර් මගින් ගෙවිය යුතු බවත් ව්‍යාපාරවලට බංකර් සැපයුම්කරුවන්ගෙන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ හැකි බවත් ඔහු පවසයි.
එස්ම ව්‍යාපාර වෙත පෙට්‍රල් ලබා නොදෙන බව අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Aruna