රාජ්‍ය අංශයේ සියලු සේවකයන් අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන දැනුම් දී තිබෙනවා. ඒ, සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඊයේ චක්‍රලේඛයක් නිකුත් කරමින්.
රට තුළ පැවති ඉන්ධන හිඟය හමුවේ රාජ්‍ය නිලධාරීන් කාර්යාල වෙත පැමිණීම ඉකුත් ජුනි විසිවනදා සිට සීමා කෙරුණා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබුණේ අවම පිරිස් කැඳවමින් රාජ්‍ය සේවයේ බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙසයි.
කෙසේ වෙතත් රට තුළ පැවති ඉන්ධන හිඟය මේවනවිට සැලකිය යුතු ලෙස අවමවීම හේතුවෙන් අද සිට සතියේ දින 05ම රාජ්‍ය සේවකයන් සේවය කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
Neth