Monday, November 18, 2024
Follow Us
ඉන්ධන කෝටාව වැඩි වන පිරිස මෙන්න

QR ක්‍රමවේදය වැඩිදියුණු කරයි


හඳුනාගත් ක්ෂේත්‍රයක් සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

QR ක්‍රමවේදය පිළිබඳව අද (23) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් මෙම ඉන්ධන කෝටාව වැඩි කිරීමට නියමිතය.

පසුගිය සති 03ක දත්ත සංසන්දනය කිරීමේදී රථවාහන ලියාපදංචිය සහ ඉන්ධන ලබාගත් සංඛ්‍යාව වැඩිවී තිබුණත් ඉන්ධන භාවිතයේ අඩුවක් පෙන්නුම් කරන බවද මෙහිදී නිරීක්ෂණය කර ඇත.

තවද QR ක්‍රමවේදය තුළින් ලබාදීමට අපේක්ෂා කරන වැඩිදියුණු කිරීම් කඩිනමින් කිරීමට ද මෙහිදී අවධානය යොමුකර ඇත.

Aruna