Monday, November 18, 2024
Follow Us
විදුලි බස් සේවාවක් කොළඹට

ඛනිජ තෙල් අර්බුදයට විසදුමක්


ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ UNDP ආයතනයේ නියෝජිතයන් එක්ව ශ්‍රී ලංකාව තුළ විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් (22) සිදුකර තිබේ.

ත්‍රීරෝද රථ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන අතර එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීමද මෙහිදී අවධානයට යොමුවී තිබේ.

UNDP ආයතනයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන E-Mobility වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ ත්‍රීරෝද රථ 300ක් විදුලි බලයට පරිවර්තනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම බලාපොරොත්තු වන බව එහි දී ප්‍රකාශ කර ඇත.

සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් UNDP ආයතනය වෙන්කර ඇත.

මෙයට අමතරව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද මෙහිදී අවධානය යොමුවී තිබේ.

එමෙන්ම ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා කඩිනමින් මෙම පියවර ගැනීමට නියමිතව ඇත.

මේ අතර මගී ප්‍රවාහනයට සම්බන්ධ සියළු ආයතන වල වගකීම ජාතික ගමනාගමන කොමිෂන්මට ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

එමඟින් ගාස්තු තීරණය කිරීම හා දඩ මුදල් නියම කිරීමේ බලය ද එමගින් ජාතික ගමනාගමන කොමිසමට ඉඩ ලැබෙන බවත් ඉදිරියේදී විදුලි බලයට පරිවර්තනය කරන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට අදාල කටයුතුද ආරම්භ කරන බවත් මෙම සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Aruna