Tuesday, November 19, 2024
Follow Us
වී සඳහා ඉදිරියේදී ගෙවන මිල ඉහළ දමන බවට කෘෂි ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉදිරියේදී වී සඳහා රජය ගෙවන මුදල තවත් ඉහල දමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.



මෙවර යල කන්නයේ නාඩු වී කිලෝවක් රුපියල් 20, සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කට මිලදී ගනු බලන බවයි කෘෂි කර්ම අමාත්‍යංශය ඉකුත්දා ප්‍රකාශ කළේ.

කෙසේ වෙනත් ගොවීන් ඉකුත් දින කිහිපයේදීම සදහන් කළේ නිෂ්පාදන වියදම ආවරණය කර ගැනීමටද එම මුදල ප්‍රමාණවත් නොවන බවයි.

ගොවීන්ගේ එම ඉල්ලීම හමුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේ ඉදිරියේදී වී සඳහා රජය ගෙවන මුදල තවත් ඉහල දමන බවයි.

වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම ඉකුත් 17 වනදා ආරම්භ කළා

Neth